RSS
Facebook
Twitter

Tuesday, February 11, 2014

ආදරණිය මැඩම්...

ආදරණිය මැඩම්

නුබ ඔහුගේ උවාට
නුබ මගේ මිතුරිය උවාට
කේකර බාබා
රෑ තිස්සේ චැට් කෙරුවාට
ඔපාදුපා මලු මම නුබටත්
නුබ මටත් දෙඩුවාට
මට ඇගේ සරණ
බොට උගේ සරණ
නමුත් අප
බොක්කෙම මිතුරන්
වෙමු
ඉමු
සැමදාවට

Monday, February 10, 2014

හැමනියන් කාලය..

හැමනියන් කාලයට
ගැනු කොර ගාගෙන
කැ(කි)රි දුගදින්
කිරි හට්ටි සොලවාගෙන
පිරිමි
පාය ඇත් කොටගෙන
ඇවිදි
ගන්ටාරය වදිනා විට
වේදනා වෙන් පෙලෙනා
නිසාවෙනි.
අහෝ මේ
හැමනියන් කාලයට
සැමට ජලය ලැබේවා!!


Sunday, February 9, 2014

දුප්පත් නාමය..

ගෙවනා ජීවිතය
වෙන්නට සාර්ථක
යම් දාක හැකි වේවි
විදිනා දුකින්..

ගින්නට පිච්චුනා
එකෙක්
කණාමැදිරි එළියටත්
බිය සේ..
දුප්පත් අප
දුප්පත් නාමාවලියට
ගරු කරට
දුප්පත් යන නමට බියයි




Friday, February 7, 2014

රෙද්ද සාය කොටට

රෙද්ද සාය කොටට                                    ඇන්දාට
ගණිකා මඩමක ඇටනැති සවු                         බිවාට
එලි වෙනකම් නයිට් ක්ලබ් වල දීගෙන            හිටියාට
හිතනවා සමහර ගණිකාවෝ යන්නට     පාර්ලිමේන්තුවට

දුන්නට සපෝට් එක ඇමතියා                        ලොකුවටම
ඇන්නම පොල්ලෙන් කොලබෝක්කට             ගැවෙන්න
ඇමතිගේ තුරුලට වී උණුසුම                           ගත්තහම
යන්නට හිතෙලු මිතුර පාර්ලි මේන්තුවේ අසුනක    ඉදගන්න

ගත්තම සැපක් අමතක                                    නොවන්නට
හිතෙනවා ඇමතිට ගන්නට                          පාර්ලිමේන්තුවට
 බනිස් කාකා කෙසෙල් ලෙලි ගැසීමට හැකි                හින්දාට
ඉල්ලනවා චන්දෙ  නිලියෝ යට කොටස එළියේ         දාගෙනම




රණ විරුවා

රණ විරුවා කුබුරු කොටනා ____________විට
මහා ඇමතියා ඒසී ඇතුලේ ලගිනා ________විට
මහජනයා රටේ නිදහසේ ගමන් කොරනා___ විට
කියයි මේ සෙබළු වැඩ පවූ කියා____ බොරුවකට

කකුල නැති සෙබළු නගිනා කල බස්__ රථයකට
අහක බලා සිටි අපමණ රිලා අව ජාතක___හැත්ත
නොස්තිතයි අප නිසාවෙනි කකුලක් දැන් දුන්න_ බව
සිංහලුනේ අගේ නොකරති උන් දෙවියන් ___ලෙසට



මා බොන බේබද්දෙකි


නුබේ නිර්වචාරණය

දුකට බිවට මත් වතුර
සතුටට බිවට මත් වතුර
ආතල් එකට කොල්ලෝ එක්ක බිවට මත් වතුර
බිවට මත් වතුර සිපගත්තාට පොලව
දැම්මට කබරයා පොලව පුරා

නුබ සිතනා බේබද්දා නොව මා
නුබට මා එක යහළුවෙක් උවාට
මටනං දැන් නුබ සැබෑ මිතුරියකි

නමුදු
නුබ මා ගැන සිතනා දේ
එක්කෝ
වැරදි නැතහොත් හරි

මට තේරුම් ගැනීමට නොහැකි
නුබට තේරුම් ගැනීමට නොහැකි
මා මම වෙමි

මදුවන්තියේ


නෙතු මානයේ 
පිපුණු සිහින
සැබවින් දක්නට 
නොලැබුනත්
එය සිහිනයක්
බව
දැන් වැටහේ.
සදු නොමැති
මගේ ලොවේ
ඉර වැලපෙන්නේ
නුගේ පහස මට

නොමති නිසා.
හමුවී වෙන්වෙන 
සසර දනවුවේ
නුබ මතු බවයේ 
හමුවෙනම් සොදුරිය
සැබවින් මා 
හට
සතුටක්ය.
කොපමණ 
පෙම්වතියන් 
සිටියත්
මාගේ හද 
පතන්නේ නුබ
පමණි.
නමුදු සොදුරිය
කාලය මවු
අප වෙන්වීම
මතු බවයකදී
මේසේ සිදු නොවෙවා
මදුවන්තියේ
__________________
ජෝනා__________

____________